ඡූලියා.......



හරියටම මාසෙකට විතර පස්සේ තමයි මේ පැත්තට එන්න ලැබුනේ.වෙලාව නම් හරිම ඉක්මනට ගෙවිලා යනවා නේදඅද කියන්න යන කතාව ගැන පොඩි අදහසක් හැමෝටම දැන් ඇතිවෙලා ඇතිකොහොමහරි අද කියන්න යන්නේ Juliya film එක බලන්න ගිහින් මටයි අපේ යාළුවෝ කට්ටියටයි වෙච්ච දෙයක් තමයිමේක වුනේ අවුරැදු දෙකකට විතර කලින් ඒ කියන්නේ 2009 විතර.හරියටම දින ,මාස නම් මතක නෑඒ වුනාට කතාව මේකයි.මේ කාලේ මම බොරැල්ලේ Aquinas එකේ ඉංග්‍රිසි Dip එකක් කරන ගමන්.අපි කට්ටිය එතකොට inter class එකේමේ ඡූලියා film එක ඒ කාලේ හරිම ඡනප්‍රියයිඔන්න ඉතින් අපේ පන්තියේ යාළුවන්ටත් ඕන වුනා මේ film එක බලන්න.Aquinas ගියපු අය නම් දන්නවා ඇති ඒකට හැමදාමත් යන්න ඕන කියලා.ඒකත් එක විදියක කට්ටක් තමා.හැබැයි ඇතුළට ගියාම නම් fun. ඔන්න ඉතින් එක සතියක සිකුරාදා තමයි මේ ගමන යන්න අපි කතා කරගෙන තිබුනේ. film බලන්න ඉතින් වෙලාවට යන්න එපැයිඒ කියන්නේ 8.30,10.30...වගේ වෙලාවක යන්න ඕන. Class ඉවර වෙලා යන්න කවුරැත් කැමති වුනේ නෑ පරක්කු වෙනවා කියලා.කොහොම හරි අපි 10.30 තමයි යන්න හිතාගෙන හිටියේඉතින් 10.30 යන්න 10 විතර වෙද්දි වත් Aquinas එකන් පනින්න ඕනෙනේපනින්න කියන්නේ තාප්පෙකින් පනිනවා වගේ වැඩක් නම් නෙමෙයිකලින් යන්න ඕනෙ නම් අපි ලියුමක් ලියලා පන්ති හාර සර් හරි මිස් හරි අත්සන් කරලා තියෙන්න ඕනේඒක ඉතින් මේ වගේ වෙලාවකට ප්‍රායෝගික නෑනේහැමෝම වගේ class එකේ නැති වුනාම වැඩේ අතේ කෝට් නේ.
ඉතින් අපේ සමහර යාළුවො ටිකක් කෙලින්ම film hall එකට එන්න කතා වුනා...කියන්න බැරි වුනානේ අපි රාඡගිරියේ ඉම්පාලා එකට යන්න තමයි සෙට් වුනේතව සමහරැ එදා බෑග් ගෙනාවේ නෑ.එතකොටත් එළියට යන්න ලේසි නේබෑග් ගෙනාපු කට්ටිය කලින් කිවුව විදියට ලියුමක් දීලා එළියට පැන ගත්තා.අපි hall එකට යන්න කලින් බීම බෝතල් ගන්න එතන ළග තිබ්බ කඩේකට ගියා.ඔන්න ඉතිත් අපි බීමත් අරගෙන 150 ටිකට් එකකුත් අරගෙන hall එක ඇතුළට ගියා කියමුකෝ.දැන් film එක එහෙම පටන් අරගෙන ටිකක් වෙලා ගියාට පස්සේ අපේ එකෙක් කෑ ගහනවා එයාගේ පර්ස් එකයි පොත් ටිකයි නෑ කියලා.දැන් ඉතින් මොනවා කරන්නදකොහේ කියලා හොයන්නදකට්ට කරැවලේ...ෆෝන් වල ලයිට් ඔන් කරලා හැම තැනම පේන විදියට බැලුවා.කොහේවත් නෑ....දැන් ඉතින් අපේ යාළුවා හොදටම රත් වෙලා දගලනවා.
තව ටික වේලාවකින් interval එකට ලයිට් ඔන් කලා.ඒත් පර්ස් එකයි පොත් ටිකයි නෑදැන් ඉතින් මොකද කරන්නේ...ඔන්න ඊට පස්සේ කල්පනා කරලා කරලා මෙයා කියනවා පර්ස් එකයි පොත් ටිකයි අපි බීම ගන්න ගිය කඩේද දන්නෑ කියලාටිකට් කැඩුවට පස්සේ film hall වල එළියට ගිහිල්ලා ආපහු එන්න බෑනේඒත් ඉතින් කොහොම හරි අපේ යාළුවා ගිහිල්ලා පර්ස් එකයි පොත් ටිකයි අරගෙන ආවාකඩේ මුදලාලි ඒක අරන් තියලා.වෙලාව තමයි.ඉදලා හිටලා හොද අවංක මිනිස්සුත් මේ පොළොව උඩම ඡීවත් වෙනවා නේඉතින් කොහොමහරි film එකේ ඉතුරැ බාගේ තමයි නිදහසේ බැලුවේවෙනදාට ට විතර ගෙදර ආවාට එදානම් ටිකක් පරක්කුත් වුනා.
එදානම් කාලෙකට පස්සේ හුගක් විනෝද වුනාඒ වුනත් ඒ කාලෙන් පස්සේ ඒ යාළුවන්ගෙන් කවුරැවත් හම්බුනේ නෑ අද වෙනකන්ම...එතකොට facebook එකත් එච්චර ඡනප්‍රිය නැ නේ.අනේ මන්දා ලංකාවේ අයට එක ෆෝන් නම්බර් එකක් පාවිච්චි කරන්නත් අමාරැයි නේ.ඒක නිසා ‍ෆෝන් වැඩ කරන්නෙත් නෑ.කොහොම වුනත් දැන් ඒ හැමදෙයක්ම සුන්දර මතක සටහනක් විදියට අතීතයට එකතුවෙලා ඉවරයි.එහෙනම් තවත් මතක සටහනක් අරගෙන ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.සුභ දවසක්!!!!

ඡූලියා චිත්‍රපටයෙන් ගීතමය රෑප රාමුවක්.......

ඡූලියා චිත්‍රපටයෙන් රෑප රාමු කිහිපයක්..........


No comments: