Showing posts with label ඇරඹුම. Show all posts
Showing posts with label ඇරඹුම. Show all posts

Wednesday, June 1, 2011

මතකය අවදිව.........

සිංභලෙන් ලියැවුනු බ්ලොග් සටහන් කියවද්දි මටත් හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න.මම ම්ට කලින් බ්ලොග් ලියලා තියෙනවා. ඒත් හැම දේම එකපාරට හරි යන්නේ නෑ නේ..මගේ මුල්ම බ්ලොග් අඩවිය තමයි 4th Dimension පස්සේ ඒක සිංහලෙන්(සිවු වෙනි මානය)ලියුවා.ඊටත් පස්සේ Tech කියලා බ්ලොග් එකකුත් කළා.ඒ හැම දේකින්ම ගත්ත අත්දැකීම් එක්ක තමයි "මතකය අවදිව" බ්ලොග් එක පටන් ගත්තේ.
මතකය අවදිව....වැඩි වැඩ නැතුව සරල මුහුණුවරකින් ඉදිරිපත් කරන්න තමා බලාපොරොත්තුව.හැම දෙයක්ම සරල වුනාම ඒකෙ අමුතු ගතියක්/ලස්සනක් තියෙනවානේ. මම හරිද දන්නෑ....
මුලින්ම බ්ලොග් එක පටන් ගන්න හිතුනම තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි බ්ලොග් එකට දාන නම.එක එක නම් ඔළුවට ආවත් ඒ එකක් වත් වැඩේට හරියන්නේ නැති බව තේරැනා.ඉතින් ඔහොම ආතක් පාතක් නැතුව ඉදිද්දි තමයි "මතකය අවදිව සිතිවිලි පිබිදේ....." සිංදුව අහන්න ලැබුනේ.ඉතින් මට හිතුනා මේ සිංදුවේ මුල පද දෙක මගේ වැඩේට ගැලපෙනවා කියලා.ඔන්න ඔහොම තමයි "මතකය අවදිව..." නිර්මාණය වුනේ......