ඩෙංගු ගැන රචනාවක්......

මුලින්ම පොඩි තැනකින් පටන්ගන්නම්මේ සිද්ධිය මම ඉස්කෝලෙ යන කාලේ වෙච්ච දෙයක්ඒ කියන්නේ 2006. අපේ A/Lපන්ති පටන් ගත්තේ 2005 මැයි මාසේ මැද හරියේ විතර. A/L පන්තිය තමයි අපේ පාසල් ජීවිතේ හොදම කාලේ.සමහර දේවල් මතක් වෙනකොට දැන්නම් හිනාත් යනවා.කොහොමහරි හැමෝම දන්නවා ඇතිනේ A/L පන්තියේදී ව්‍යාපෘතියක් කරන්න වෙන බවඑකක් නම් බැරිය තව Group Project එකකුත් තියෙනවනේඅනිත් පන්ති වලනම් කොහොමද දන්නෑ හැබැයි විද්‍යා පන්තියෙ නම් ඕවා ඔක්කොම කරන එක සෑහෙන අමාරැ වැඩක්ඉතින් හුගක් වෙලාවට කට්ටිය කරන්නේ තව කාගෙහරි ව්‍යාපෘතියක් අරගෙන ඒකෙ නම වෙනස් කරලා දෙන එකයිනමුත් අපේ පන්තියෙ හිටපු හැමෝම වගේ අලුත් එකක් කළා.
තාම කතාවට ආවේ නෑ නේමගේ ව්‍යාපෘතිය කලේ ඒඩ්ස් රෝගය ගැන අපි ඉතින් බයෝ නේ.මගේ යාළුවා කලේ ඩෙංගු ගැනමෙහෙම නම් කිවුවට අපිට එතකොට මේවා ගැන ලොකු අදහසක් තිබුනේ නෑඒ කාලේ අපේ කට්ටිය ව්‍යාපෘති වලට විස්තර හොයන්න කියලා කොහොම හරි ඉස්කෝලෙන් පනින සිරිතකුත් තිබුනාවිස්තර හොයන්නත් ඇති.ඉතින් මායි මගේ යාළුවයි විදුහල්පතිගෙන් (අපි ඒ දවස් වල නම් කවදාවත් විදුහල්පති කියලා කියුවේ නෑඒ නම ඉතින් හැම ඉස්කෝලෙකම කොල්ලෝ පාවිච්චි කරපු නමක් නේඒක මෙතන දාන එක හරි නෑ කියලා හිතුනාලියුමක් එහෙම අරගෙන කලුබෝවිල රෝහලට ගියා ‍අපේ ව්‍යාපෘති වලට විස්තර හොයන්නයාළුවගේ නම කියන්නත් බැරි වුනානේ.එයාට දාලා තිබ්බ කාඩ් එක තමයි පැට්ටානම පැට්ටා වුනාට හොද උස මහත පොරක්.
අපි දෙන්නා දැන් ‍කලුබෝවිල ගියාට කාගෙන්ද මේ විස්තර ගන්නේ කියලා අදහසක් තිබ්බෙත් නෑඉතින් ඔහොම කැරකි කැරකි ඉන්න කොට පිළිගැනීමේ කවුන්ටරේ හිටපු අක්කා කෙනෙක් තමයි අපිට උදවු කලේඔන්න ඉතින් ඊට පස්සේ අපිට රෝහල් අධ්‍යක්ෂක තුමාව හම්බෙන්න වුනා  අපේ වැඩේට අවසර ගන්නඅපි දෙන්නා දැන් අධ්‍යක්ෂක ඉස්සරහ.
අධ්‍යක්ෂකතුමා මොකද්ද ඔය ළමයින්ගේ ව්‍යාපෘතියෙ නම?
පැට්ටා සර් මේ...ඩෙංගු
ඕන දේකට ඉස්සරහට පනින මගේ යාළුවා කට ඇරපු ගමන් උත්තර දුන්නා
අධ්‍යක්ෂකතුමා : ‍ඩෙංගු.... ‍ඩෙංගු කියන්නේ වචනයක් නේ.ඔයා ඩෙංගු ගැන රචනයක් ලියන්න.
මගේ යාළුවගේ පණ්ඩිත කතාව නිසා අධ්‍යක්ෂක ගෙන් අපිට පොඩි දේශනේකුත් අහගන්න වුනාකොහොම හරි අපේ වැඩේට අධ්‍යක්ෂකතුමා අවසර දීලා සිස්ට ව හම්බෙලා විස්තර ගන්න කිව්වාඔන්න ඉතින් අපි දෙන්නා සිස්ට හොයාගෙන යනකොට තව තොප්පියක්සිස්ට ඒ වෙලාවේ ලේබ රෑම් (Labour room)එකේලුදැන් ඉතින් මොකද කරන්නේසිස්ටව හම්බෙන්න ඕක ඇතුළට යන්න පුළුවනෑඅපි එලියේ තිබුනු පුටු දෙකකට වෙලා වරැ ගානක් බලාගෙන හිටියාපස්සෙ අපිට රිපෝට් වගයක් ගන්න පුළුවන් වුනාඒක ඉවර වෙලා ආයෙත් ඉස්කෝලෙට එනකොට ඉස්කෝලෙත් ඉවර වෙලාකොහොම හරි පොත් වලින් පත්තර වලින් විස්තර එකතු කරගෙන ව්‍යාපෘතිය සම්පූර්ණ කලා.
මට මගේ ව්‍යාපෘතියට සම්පූර්ණ ලකුණු ගන්නත් පුළුවන් වුනාමේ කතාව මෙතනින් අවසානයිතව මතකයකුත් අරගෙන ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්සුභ දවසක්!!!!

No comments: