Br(OH)2 ආම්ලිකද? භාෂ්මිකද?


මේකත් ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච වැඩක් තමයි.අපි එතකොට A/L ඡීව විද්‍යා පන්තියේ.ඡිව විද්‍යාවත් එක්ක තව රසායන විද්‍යාව භෞතික විද්‍යාව එහෙමත් කරන්න ඕනෙනේ.භෞතික විද්‍යාව නැතුව කෘෂිකර්මය කරන්නත් තිබ්බා.ඒත් ඉතින් හැමෝම බලාපොරොත්තු වෙන්නේ Medical College යන්න නේ.මට හිතෙන්නේ ඒක හැම බයෝ කරන ළමයෙකුගෙම සිහිනයක් කියලයි.මමත් එච්චර ලොකුවට බලාපොරොත්තු නොවුනත් පොඩි අසාවක් තිබුනා.ඒත් ඉතින් ඔය කපන කොටන වැඩ වලට නම් මම ආසම නෑ.කොහොමහරි මේ සීන් ඒක වුනේ රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණකදි(practical).රසායන විද්‍යාව කරපු අය නම් දන්නව ඇති මේ practical එක.ඒකෙ නම තමයි අම්ල භෂ්ම අනුමාපනය.‍දන්නෙ නැති අයටත් තේරැම් ගන්න පොඩි විස්තරයක් කරන්නම්.අනුමාපනයකදි කරන්නේ අපි සංඛ්‍යාත්මකව කොලේක හදන රසායනික සමීකරණයක් ප්‍රායෝගිකවත් ඒ විදිහටම වෙනවා කියලා පෙන්නන එක.මේවා පැහැදිළි කරන්න ඇවොගැඩ්රෝගේ මවුල සංකල්පය,මවුලිකතාව,අණු වල හැසිරීම,සාපේක්ෂ අණුක ස්කන්ධය වගේ ගොඩක් කතා තියෙනවා.ඒවා මෙතන කියන්න අදහසක් නම් නෑ.
                        Br(OH)+2HCL------------------ BrCl+2H2O
මේක තමයි එදා කරපු අනුමාපනය.බේරියම් හයිඩ්‍රොක්සයිඩ් [Br(OH)]භෂ්මයක් එතකොට හයිඩ්‍රොක්ලෝරික් {HCL} කියන්නේ අම්ලයක්ඔය උඩ තියෙන සමීකරණය නම් තුලනය කරලයි තියෙන්නේ.කෙටියෙන් කිවුවොත් Br(OH)මවුලයක් HCL මවුල 2ක් එක්ක ක්‍රියා කරලා බේරියම් ක්ලෝරයිඩ් BrClමවුලයකුත් ඡලය මවුල කුත් ලබා දෙනවා.‍මේවා කියලත් බෑ නොකියත් බෑ නේතව පොඩ්ඩක් කියන්නම්මොකක් හරි සංයෝගයක හරි මුලද්‍රව්‍යක හරි සාපේක්ෂ මවුලික ස්කන්ධය කියන්නේ ඒ සංයෝගය හෝ මුලද්‍රව්‍ය මවුලයක ස්කන්ධය කාබන් මවුලයක ස්කන්ධයට දක්වන අනුපාතය නේදැන් නම් හොදටම ඇති කියලා හිතෙනවාමේ කතා අහපු මුල දවස් වල මමත් නිකං කරකවලා අතඇරියා වගේ තමයි හිටියේ.
දැන් ඔන්න අපි ප්‍රැක්ටිකල් කරපු දවස.කලින් කියුවා වගේ අම්ල‍යෙන් දන්න ප්‍රමාණයක් බීකරයට දාලා පස්සෙ භෂ්මය බියුරෙට්ටුවට අරගෙන ටික ටික බීකරයට දාන්න තමා තියෙන්නේතව එකක් කියන්න බැරි වුනානේ භෂ්මය දාන්න කලින් පිනොප්තලීන්, PH කඩදාසි වගේ දර්ශකයකුත් බීකරයට දාන්න ඔනේඔන්න දැන් කට්ටිය ප්‍රැක්ටිකල් කරන්න ගත්තා.අම්ලය කොහොමහරි මැනලා දා ගත්තත් භෂ්මය හරියට දාන එක තමා අමාරු වැඩේබියුරෙට් එකට භෂ්ම අරගෙන බිකරය උඩට අල්ලලා පොඩ්ඩ පොඩ්ඩ ඇගිල්ල බුරැල් කරලා තමයි දාන්න ඕන.ගානට වැටුනම නතර කරන්නත් ඕන.ඉතින් සමහර යාළුවෝ කලින් කියුව විදියට වැ‍ඩේ කරද්දි ඇගිල්ල පොඩ්ඩක් උස්සපු ගමන් ඔක්කොම ටික බීකරේ ඇතුළේමනින්න දෙයක් නෑ ඔන්න දැන් ඉතින් මගේ වාරේපොඩි අවුලකුත් තිබුනාඅපි වැඩේට ගත්ත බියුරෙට් එකේ උඩ තියන රබර් බොලේ වගේ කෑල්ල මිසිංබියුරෙට් එක භෂ්ම බෝතලේට දාලා අනිත් පැත්තෙන් කට තියලා බීම බොනවා වගේ උරලා තමයි භෂ්ම බියුරෙට් එකට ගන්න ඔන.
මාත් ඉතින් මුලින්ම අම්ල ටික මැනලා බීකරේට දැම්මා.ඊට පස්සේ බියුරෙට් එක බෝතලේට දාලා භෂ්ම ටිකක් ගන්න නේ තියෙන්නේ.මාත් ඉතින් වැඩිය හිතන් නැතුව උරපු ඉරිල්ලට භෂ්ම ටික[Br(OH)කටේභෂ්ම හින්දා හොදට ගියා.මුකුත් වුනේ නම් නෑ.භෂ්ම වල රස ගැන නම් අහලා තිබුනා.ඒත් එදා තමයි හරියටම දැන ගත්තේ.මම හිතන්නේ අපේ යාළුවෝ කාටවත් මේ වගේ වැඩක් වෙලා නැතුව ඇති.ඔබටත් මේ වගේ අත්දැකීමක් තියෙනව නම් ෂෝට් ඇන්ඩ් ස්වීට් විදියට පහලින් දාන්නඒවගේම ඔයාට හිතෙන දේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපාඑහෙනම් තවත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්සුභ දවසක් !!!!

1 comment:

Unknown said...

Bhashmayak hind hodai...amalayak unanam danei amuthu rasak.